27.5 C
Colombo
Sunday, April 28, 2024

ගෝඨාගෝගම දිගටම කරගෙන යන්න – රනිල්

- Advertisement -

රටේ තත්වය ඉදිරි මාස කිහිපයේදී තවත් දරුණු
වියහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ගාලු මුවදොර සිටින අරගලකරුවන්
සම්බන්ධයෙන්ද නව අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දක්වා තිබුණා.

ඒ, අද අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

“මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ රටේ
ආර්ථිකය ගොඩගන්න ඕන්නේ. ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු වෙනවා. ඒත් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. ඒ වැඩකටයුතු කරන්න තමයි මම භාරගත්තේ. රුපියලට වටිනාකමක් සහ තරුණයන්ට අනාගතයක්
තියෙන්න ඕනේ. කැබිනට් මණ්ඩලය හෙට පත්කරන්න බලාපොරොත්තුවක් නැහැ. අරගලය ගෙනියනවා. අපි ගෝඨාගෝගමට අතගහන්නේ නැහැ. ඒක ගෙනියන්න ඕනනේ. පොලීසියත් මුකුත් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය ගැන ප්‍රශ්න කරනකොට අපි බහුතරය පෙන්වන්නම්. මට දෙපැත්තෙන්ම බහුතරය තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...