32 C
Colombo
Monday, April 29, 2024

අද විදුලිය කැපෙන හැටි

- Advertisement -

අද (14) දිනයේද දිවයින පුරා පැය 05ක විදුලි කප්පාදුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලි බල මණ්ඩලය පවසන්නේ ප්‍රධාන කලාප දෙකක් යටතේ දහවල් කාලයේ පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 40 ක කාලයක් ලෙස පැය 05ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.30 දක්වා අතර කාලය තුළ පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.30 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

මීට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 08.00 සිට පස්වරු 06.30 දක්වා කාලය තුළ පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.30 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

කොළඹ නගරයේ වාණිජ කලාප සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා කාලය තුළ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම BOI කාර්මික කලාප සඳහා උදෑසන 05.00 සිට පෙරවරු 08.30 දක්වා කාලය තුළ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...