26 C
Colombo
Tuesday, April 30, 2024

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පාකිස්තානු හමුදාවෙන් සද්දයක්

- Advertisement -

පාකිස්තානයේ බලගතු ආයතනවලට එරෙහි අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන් මෙන්ම වෙනත් ක්‍රියාකාරිකයන්ට පකිස්තාන හමුදාව දැඩි ලෙස අවවාද කර ඇති බව වාර්තා වේ.

පාකිස්ථාන හමුදාවට එරෙහි ට්විටර් සමාජ මාධ්‍ය හැෂ් ටැග් 69,000කට අධික සංඛ්‍යාවක් සහ ඒ හා සම්බන්ධ ට්වීට්ර් සටහන් 410,000කට අධික සංඛ්‍යාවක්සහ ඉම්රාන් ඛාන්ගේ විවේචකයන්ට එරෙහි ට්විටර් පණිවිඩ මිලියන 17ක් හදුනාගෙන ඇති බව සදහන් වේ.

මේ අතර පාකිස්තාන හමුදාව පසුගියදා දේශපාලඥයින්ට සහ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවූයේ රට තුළ පවතින දේශපාලන අර්බුදයට සන්නද්ධ හමුදාවන් ඈදා නොගන්නා ලෙසයි.

කෙසේවෙතත් පකිස්තාන හමුදාවේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් වන විවේචන අඛණ්ඩව සිදුවෙමින් පවතින බැවින් පාකිස්තාන හමුදාව දැඩි දුෂ්කර තත්වයක‍ට මුහුණ දී ඇති බව ද පැවසේ.

පාකිස්ථාන හමුදාවේ ප්‍රකාශයෙන් දිනකට පසු, පාකිස්ථාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය පසුගියදා රටේ සන්නද්ධ හමුදාවන්ට සහ අධිකරණයට එරෙහි අන්තර්ගතයන් විකාශනය කිරීමට එරෙහිව රූපවාහිනී නාලිකාවලට ද අනතුරු ඇඟවීය.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...