30 C
Colombo
Friday, May 3, 2024

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන පොහොට්ටුවේ මන්ත්‍රීවරු හොරාගෙන

- Advertisement -

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිණී නාලිකාවේ ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ සිරස TV නාලිකාවේ පාර්ලිමේන්තු වාර්තාකරු කසුන් සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තර්ජනය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ හා W.D.වීරසිංහ යන අයයි.

මීට හේතුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන මන්ත්‍රීවරුන් වීඩියෝ කළායැයි වන සිදුවීමක් සම්බන්ධවයි.

අදාළ පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගේ ජංගම දුරකතන දෙකද පැහැරගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට දැනුම් දුන්නා.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ රටම ගිනිගත් සිදුවීමකින් අනතුරුවත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස උද්දච්ච ලෙස කටයුතු කරන්නේ නම් තවදුරටත් නිවාස ගිනි ගැනීම වැළැක්විය නොහැකි බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...