26 C
Colombo
Tuesday, April 30, 2024

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 258 ක්.

එම පිරිසෙන් 67 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවත් තවත් 43 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවත් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

එසේම පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති තවත් පිරිසක් මේ වනවිට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවයි ඔහු සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාවෙන් පුද්ගලයින් 206 දෙනෙකු ඇප ලබා පිටවගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...