30 C
Colombo
Saturday, May 4, 2024

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

- Advertisement -

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (20) සිය ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමති ධුරයක් බාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත කරුණු 07ක් ඉදිරිපත් කළ බවත් ඒ අතර පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම රන්ජන් රාමනායක මහතා ගැනද සඳහන් බවත් ඔහු පවසනවා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන දින වකවානු ගැනද සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

”මම එළියේ අරගලයේ ඉන්න මල්ලිලාටත් කියනවා මේ දේශපාලනය ගෝඨාව රකින්නවත් මහින්ද මහත්තයා රකින්නවත් නාමල් රාජපක්ෂ රකින්නවත් නෙවෙයි ආවේ. රටේ ප්‍රශ්නේ බේරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට දුවන්න මේකට කකුලෙන් අදින්නේ නැතුව එළියෙන් ඉඳගෙන අර කට්ටිය කියනවා වගේ එළියෙන් ඉඳගෙන සහයෝගය දෙන්නම් කතා මොන බොරු කතාද.ඒක අවංකද? හිතල බලන්න. මෙච්චර ප්‍රශ්නයක් වෙලා ඉන්නකොට අපි තාම දේශපාලනයනේ කරන්නේ. මම කිව්වේ එළියේ හිටියට කමක් නැහැ. එකෙකෙනෙක් දෙන්නෙක් දෙන්න. අපිට යන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට ඊළඟ ඉලෙක්ෂන් එක ගැන අදාළ නැහැ. මට වැදගත් වෙන්නේ ඉදිරියට ජන්දයක් තියන්න පුළුවන් රටක් මේ රට තුළ නිර්මාණය වෙයිද කියන එක ඉස්සෙල්ලම හිතන්න ඕනේ.”

ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමට පාරේ වැඩ කිරීමෙන් පලක් නැති බවත් පාර්ලිමේන්තුවේදීත් එය කළ නොහැකි බවත් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...