29 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය රැක දෙන්නට ඉන්දියාව මුල පුරයි

- Advertisement -

වාරි පහසුකම් යටතේ වී වගාකරන රජරට බොහෝ ප්‍රදේශවල ජලාශයන්හි ජලය නිකුත් කර ඇතත් වී වගාවට යොදන පොහොර වර්ග කිසිවක් තමන්ට මෙතෙක් නොලැබුණු බව ගොවීන් පවසනවා. වගාවට අවශ්‍ය පොහොර කලට වේලාවට නොලැබීමෙන් සිදුවන්නේ පසුගිය කන්නයේ අත්වූ සන්තෑසියම බවද ඔවුහු පෙන්වා දෙනවා. රසායනික පොහොර නොලැබෙන්නේනම් ගොවිතැන අත්හැර දැමීම වඩාත් යහපත් බව බොහෝ ගොවීන්ගේ මතයයි.

මේ ආණ්ඩුව බලයට පත්වුණේ ගොවියාට පොහොර සහනාධාරය නොමිලයේ දෙනවා කියලා. නමුත් මේ වෙනකොට නිකංදෙනවා කිව්ව පොහොරත් නෑ. මොනවත් නෑ. පොහොර අපිට ඔරොත්තු දෙන මුදලකට සල්ලිවලට ගන්නත් නෑ. වෙළෙඳපොළේ රුපියල් 1500ට තිබුණු පොහොර හොණ්ඩරය දැන් 45,000යි. ඩීසල් මිල ඉහළ ගිහින්. ඒ නිසා මේ කන්යේ සී සෑමට ඇතුළුව යන්ත්‍ර සූත්‍ර සඳහා විශාල මුදලක් වැයකරන්න වෙනවා. මේකයි තත්ත්වය ඉතින් අපි කොහොමද කුඹුරු ගොවිතැන් කරන්නේ. රජරට ගොවීන් ප්‍රශ්න කරනවා.

හරිත කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස සිදුකරනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් පසුගිය මහ කන්නයේදී මෙරට කෘෂිකර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්වුණා. රජය එක්වරම රසායනික පොහොර තහනම් කිරීමට පියවර ගත්තේ නිසි ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ගොවියාට ලැබෙන ක්‍රමයක් නොමැතිවයි.
රසායනික පොහොර තහනම හා අයහපත් කාලගුණය බෝග අස්වැන්න පහත වැටීමට හේතු වූ අතර, ආහාර උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට ද එය හේතුවක් වුණා. වෙරිටේ රිසර්ච් විසින් සිදු කරන ලද ගොවි සමීක්ෂණයෙන් හෙළි වූයේ තහනම පැනවීමෙන් පසු ගොවීන්ගෙන් සියයට 44 ක් අස්වැන්න අඩුවීමක් අත්විඳින අතර, සියයට 85 ක් අනාගත අස්වැන්න අඩුවීමක් අපේක්ෂා කරන බවයි. සමීක්ෂණයට ලක් කළ ගොවීන්ගෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් කියා සිටියේ ඔවුන් දැනට රසායනික පොහොර භාවිතා කරන බවත්, තහනම නිසා නිෂ්පාදනයට බාධාවක් වන බවත්ය. සමස්තයක් ලෙස මහ කන්නයේ අස්වැන්න පෙර වසරට වඩා සීයයට 50කින් පහළ ගොස් තිබුණා. එ හරහා නිර්මාණ වූ සහල් හිඟය හමුවේ සෑම සහල් වර්ගයකම කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේ නොවැම්බරයේදී, රසායනික පොහොර භාවිතය සහ ආනයනය සඳහා වූ තහනම ඉවත් කර කාබනික ගොවිතැන සම්පූර්ණයෙන්ම අනුගමනය කරන පළමු රට බවට පත්වීමේ ඉලක්කයට යෑම ශ්‍රී ලංකාව අත්හැර දමනු ලැබුවේ ගොවීන්ගේ මාස ගණනාවක විරෝධතා සහ ආහාර මිල උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් පසුවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා පැවසුවේ තමන් ගත් තීරණය නිවැරදි නොවන බවයි. ඒ සම්බන්ධයෙන් කනගාටු වන බව පැවසූ ජනාධිපතිවරයා යල කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරාලීමට පියවර ගන්නා බවටද සහතික වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වාර්ෂික පොහොර ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැයවනවා. පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පොහොර ආනයනය බරපතල අර්බුදයක් බවට පත් වුණෘ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් චතුර්වේදි අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී දැනට පවතින තත්ත්වය යටතේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡාවට ලක් වුණේ එවන් පසුබිමකයි.

නිදහසින් පසු ඉතිහාසයේ විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් වහාම සැපයීමට ඉන්දීය රජය තීරණය කළේ දිර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි. දිවයිනට කඩිනමින් අවශ්‍ය පොහොර සැපයීම සම්බන්ධයෙන් ඉන්දීය නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක් ලැබුණු බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කෙරුණා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සිකුරාදා අදාළ නිලධාරීන් හමු වූ අතර එහිදී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡාවට ලක්වුණා. “මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් යල වගා කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දියාව ගත් තීරණය පිළිබඳව ස්තුතිය පුද කළේය”, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

දැනට ක්‍රියාත්මක ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය සැපයුම යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් යූරියා අපනයනය තහනම් කර තිබියදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම යූරියා ප්‍රමාණය වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබීමත් විශේෂත්වයක්. නේපාලය හැරුණු කොට ඉන්දියාවෙන් පොහොර ලැබෙන එකම රට ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. ශ්‍රී ලංකාවේ වී වගා කරන ප්‍රධාන කන්න දෙක යල සහ මහ ලෙස නම් කෙරෙනවා. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය යල කන්නය ලෙසත්, ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය මහ කන්නය ලෙසද නම් කරනු ලබයි. ලංකාවේ වී වගාව හෙක්ටෙයාර 807,763 ක පමණ ප්‍රමාණයක වගා කරන අතර යල කන්නයේදී මිලියන 2.7ක පමණ අස්වැන්නක් බලාපොරොත්තු වනවා. ගොවි පවුල් 879,000ක් පමණ සහල් නිෂ්පාදනයට දායක වන අතර එය ජනගහනයෙන් 20%ක් හා රැකියා නියුක්තිකයන්ගෙන් 32% ක්. වී ගොවිතැන මෙන්ම අතිරේක බෝග වගා කිරීම අතින්ද ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් හිමිකරගන්නවා. ශ්‍රී ලංකාවේ වගා කරන බෝග සලකා බලන කල මුළු ප්‍රමාණයෙන් 40% ක් වී වගාවන්ද, 22% ක ප්‍රමාණයක් පලතුරු, එළවලු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග ලෙසද, ඇස්තමේන්තු කර තිබෙනවා. එසේම , 38% ක් වැවිලි බෝගයි (තේ , පොල්, රබර්, උක් සහ පාම් ).

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...