28 C
Colombo
Wednesday, May 8, 2024

මෝදි ගැන කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරනවා – විදුලිබල මණ්ඩලයේ සභාපති

- Advertisement -

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා (10) දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

එම කමිටුව හමුවේ එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා හෙළිදරව් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අදාළ සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් බැවින් ඊට තමන්ට මැදිහත් විය නොහැකි බව දන්වමින් හා ජනාධිපතිවරයා අදාළ බලාගාරය ඉන්දීය සමාගමට ලබාදෙන්නැයි නියෝග කරන බව සඳහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තමන් ලිපියක් යොමුකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත් ඊයේ (11) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර ඇත්තේ කෝප් කමිටුවේදී සිටි පීඩනය හා හැඟීම් නිසා ඉන්දීය අගමැති යන වචනය තමාට ප්‍රකාශ කිරීමට සිදුවූ බවයි.

එහෙයින් තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන කොන්දේසි විරහිතව සමාව අයැදින බව ඒ මහතා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...