29.4 C
Colombo
Friday, April 26, 2024

මෝදි කියන නිසා සුළං විදුලි බලාගාරේ අදානිට දෙන්න කියලා ජනපති කිව්වා

- Advertisement -

පසුගිය නොවැම්බර් 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරයා විසින් තමන්ව කැඳවා මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වන ආදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය වුණා.

එහිදී එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් අදාළ සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙස තමන්ට බලකර සිටින බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

කෙසේවෙතත් එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක් බැවින් ඊට තමන්ට මැදිහත් විය නොහැකි බව දන්වමින් හා ජනාධිපතිවරයා අදාළ බලාගාරය ඉන්දීය සමාගමට ලබාදෙන්නැයි නියෝග කරන බව සඳහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තමන් ලිපියක් යොමුකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළා.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...