31 C
Colombo
Wednesday, May 1, 2024

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගැන වහාම විමර්ශනයක් කරන්න – උපුල් රෝහණ

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන සුපුන් ලහිරු ප්‍රකාශ්ට එරෙහිව, එම ඒකකය බාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් විසින් සිදුකරන අත්තනෝමතික කටයුතු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණගේ අත්සනින් යොමුකර ඇති මේ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ දුම්පානයෙන් තොර කලාප පිහිටුවීමේ නව සංකල්පය ලෝකයට හඳුන්වාදීමේදී සුපුන් ලහිරු ප්‍රකාශ් පුරෝගාමී මෙහෙවරක නිරත වූ බවයි.

එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්වූ අතර ඔහු මෙම විෂයට අදාළව පර්යේෂණ රැසක් ද සිදුකර තිබෙන බව එම සංගමය කරුණු සහිතව ලේකම්වරයාට පෙන්වා දී තිබෙනවා.

එසේ තිබියදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කටයුතුවලට සම්පත්දායකයෙකු ලෙස මැදිහත්වීම වළක්වමින්, සුපුන් ලහිරු ප්‍රකාශ්ට එරෙහිව අසත්‍ය චෝදනා නැගීමට අදාළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් එක් තැනකට හිරකිරීම සඳහා ඉහළ නිලධාරීන් මෙවැනි අත්තනෝමතික කටයුතු සිදුකිරීමේ අවස්ථා රැසක් මීට පෙර ද මාධ්‍ය මගින් වාර්තා කෙර තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදාළ චෝදනාව එල්ල වන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.ආනල්ඩ් පැවසුවේ මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරි විෂයපථයට අදාළ නොවන කටයුතු කිරීමට තමන් අවස්ථාව නොදෙන බවයි.

ප්‍ර : එහෙත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයටම අදාළ විෂයක්…?
පි : ඒක ඇත්ත. ඒත් මෙයා ඉන්නෙ මගෙ යටතේ. එයාගෙ රාජකාරි තීරණය කරන්නෙ මම. ඒ වැඩවලට වෙනම අංශයක් තියෙනවා.
ප්‍ර : ඒත් විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් අවශ්‍ය අවස්ථාවලදි අමතර වැඩවලට නිදහස් කිරීම රාජ්‍ය ආයතනවල සිදුකරනවා…?
පි : මෙයා තමන්ගෙ ඒකකයෙ රාජකාරි හරියට කරලත් නෑ. එහෙම කෙනෙක්ව නිදහස් කරන්න අමාරුයි.
ප්‍ර : රාජකාරි හරියට නොකිරීම ගැන මොනවද ගත්ත පියවර…?
පි : මට ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කියන්න බෑ. අනෙක පර්‍යේෂණ කළා කියලා වෙනම එහෙම වැඩ කරන්න පුළුවන් ද. එහෙම නම් මාත් පර්‍යේෂණ ගණනාවක් කරලා තියෙනවා.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක චන්ද්‍රගුප්ත පැවසුවේ මේ කරුණ පිළිබඳව සොයාබැලීමට තමන්ට කාලය අවශ්‍ය බවයි.

ඉන්පසු සුදුසු පියවර ගත හැකි බව ද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇමැති ශෙහාන් ජොර්ජියාවට

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. එම සමුළුව හෙට (02) සිට ලබන 05...

මෛත්‍රී පාර්ශවයේ ජනපති අපේක්ෂකයා මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෘත්තීය වෘත්තීය සමිති නායක T.B...

අද කොළඹ එන අයට විශේෂ දැනුම් දීමක්

මැයි දින රැළි සහ පෙළපාළි හේතුවෙන් අද (01) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. කොළඹ නාගරික රථවාහන පොලිස්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...