25.8 C
Colombo
Tuesday, May 14, 2024

වත්කම් සම්බන්ධයෙන් විමල්ට අධිචෝදනා

- Advertisement -

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද (17) සිදු කෙරිණි.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර ඇත.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේදී ඇමති ධුරයට අදාල වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික දේපල හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර විමල් වීරවංශ මහතා සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි.

නඩුවේ වැඩිදුර විභාගය කල් තබමින් ජුනි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...