28.2 C
Colombo
Tuesday, May 14, 2024

රාජ්‍ය සේවකයන්ව සති 02කට ගෙදර තියයි

- Advertisement -

රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

එම චක්‍රලේඛය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව ඉහළ සඳහන් ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලැබෙනවා.

නමුත්, මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

රට තුල ඉන්ධන සැපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි

කැලණියේ සිට ජා - ඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය...

සාම්පූර් පිරිස අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදපු නිසා නෙමෙයි – පොලීසිය

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ බව කියන පිරිසක් අත්අඩංගුවට...

නායයෑම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...