27.9 C
Colombo
Sunday, April 28, 2024

ඇෆ්ගනිස්තානයේ සීක්වරු අනතුරේ

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ අගනුවර ආසන්නයේ පිහිටි රුද්වාරා හි පසුගියදා එල්ල වූ ප්‍රහාරය රටේ සුළුතර සීක් ප්‍රජාව ත්‍රස්තවාදීන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව තිබෙන ආකාරය නැවතත් ප්‍රදර්ශනය කර ඇති බවට විශ්ලේෂකයෝ චෝදනා නගති.

ඉස්ලාමීය ඇෆ්ගනිස්ථානයේ සුළු ජාතීන් ඉලක්ක කරගත් ප්‍රහාර මාලාවක මෙම නවතම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබිණ

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් සීක් දේවස්ථානයක ගේට්ටුවට මීටර් කිහිපයක් ඈතින් පුපුරුවා හැර තිබිණ.

මෝටර් රථය ගේට්ටුවේ බාධකය පසු කළේ නම්, හානිය හා ජීවිත හානි විශාල ලෙස වැඩිවීමට ඉඩ තිබුණු බව පැවසේ.

මෙම සිදුවීමත සමග ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහාය මෙහෙවර (UNAMA) ඇෆ්ගනිස්ථානයේ සීක්, හසාරා සහ සූෆි ඇතුළු සියලුම සුළු ජාතීන් ආරක්ෂා කරන ලෙස තලේබාන් පාලනයෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව සීක්වරුන්ගේ නිවහන් ලෙස පවතින ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක්ද තලෙබාන්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා ස්ථිරව ක්‍රියා කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...