32 C
Colombo
Tuesday, May 7, 2024

කොටදෙණියාවේ හිමිනම ඝාතනය කිරීම පිටුපස අපයෝජන සිදුවීමක්

- Advertisement -

65 හැවිරිදි හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (04) පොලීසිය විසින් සොයා ගැනුනා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සිදුවීම සම්බන්දයෙන් මේ වන විට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදී පැහැරගෙන ගොස් තිබූ අතර එම අවස්ථාවේදී ගිහි පුද්ගලයින් දෙදෙනෙක්ද ආරණ්‍යයේ සිට ඇති බව තොරතුරු වාර්තා වනවා..
මෙම පැහැර ගැනීමේ සිදුවීමට අදාලව විහාරස්ථානයේ වැඩවෙසෙන 15 හැවිරිදි සාමනේර හිමිනමක් පිළිබදව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
හොරණ ප්‍රදේශයේ සිට පැවිදි බිමට පැමිණි මෙම සාමණේර හිමිනම කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වසර කිහිපයක් තිස්සේ වැඩ වාසය කරනවා.
මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේදී නිතර අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලිදී හෙළිවී ඇති අතර උන්වහන්සේ මෙම සිදුවීම් ජායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබුණා.
පොලීසිය සැක පලකරන්නේ තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගන්නට ඇති බවටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වෙත භාරවී ඇති පුද්ගලයා සාමණේර හිමි නමගේ පියා බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
ධම්මසිරි හිමියන් පැහැරගත් සන්නද්ධ පිරිස සමග සාමණේර හිමියන්ගේ මවද ආරණ්‍ය සේනාසනයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

වැඩිදුර කියන්න

RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...