28 C
Colombo
Sunday, May 5, 2024

බැංකු විරෝධතා නැවැත්වීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ අවභාවිත කළ චීන නිලධාරීන්ට දඬුවම්

- Advertisement -

මධ්‍යම චීන නගරයක් වන ෂෙන්ගොෂෝ හි දී හෙනන් ප්‍රාන්තයේ මූල්‍ය ආයතන හතරක නැත්පතු අත්හිටුවීමත් සමඟ ඇතිවූ නොසන්සුතාව හේතුවෙන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ විරෝධතාවයක් මර්දනය කිරීම අරභයා කොවිඩ් සෞඛ්‍ය උපදේශ අවභාවිත කළ බවට චෝදනා එල්ල වූ නිලධාරීන් හා සිවිල් සේවකයන් පිරිසකට දඩුවම් ලබාදී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ මහජන මුදල් අයථා ලෙස ආයෝජනය කරගැනීමට බැංකු සේවකයන්ගේ සහයෝගය සහිතව කටයුතු කළ බව කියන ආයෝජන සමාගමක් සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණයක් හේතුවෙන් අත්හිටුවන ලද ප්‍රාදේශීය බැංකු හතරක තැන්පතු සම්බන්ධයෙන් සොයා බැලීමට ගනුදෙනුකරැවන් පිරිසක් ෂෙන්ගොෂෝ (Zhengzhou) වෙත පිටත්ව යාමට උත්සාහ කර තිබේ.

එහිදී ජනතාව සෞඛ්‍ය හේතු උපයෝගී කරගනිමින් ඊට සහභාගිවීම අත්හිටුවාලූ බව කියන නිලධාරීන් පස් දෙනෙකු හා සිවිල් සේවකයන් පිරිසකට මෙසේ දඬුවම් ලබාදීමට චීන බලධාරීන් කටයුතු කර ඇත.

ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂයේ විනය කටයුතු බලකාය විසින් සොයාගෙන ඇත්තේ කොවිඩි 19 වළක්වා ගැනීමේ කාර්ය සාධක බලකාය විසින් එරට සිදුවූ සුවිශාල බැංකු ආයෝජන වංචාව පිළිබඳ කටයුතු කිරීමට ෂෙන්ගොෂෝ වෙත යාමට සැලසුම් කළ ජනතාව වෙත රතු සෞඛ්‍ය කේත ලබාදී ඇති බවය.

මේ රතු කේත පුද්ගලයන් 1317 කට ලබාදීම සිදුකර ඇති අතර ඔවුන් සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක තත්ත්වයක පසුවන බව ප්‍රකාශ කර ඇත්තේ චීනයේ දැනට ක්‍රියාත්මක කොවිඩ් වසංගතය ශූන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය අනුව යමිනි.

අදාළ චෝදනාවට වරදකරුවන් වූ නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලන හා නීති කමිටුවේ සාමාජිකයකු හා විශාල දත්ත හා සෞඛ්‍ය කේතයන් පිළිබඳ වගකීම දරනු ලබනු වෘත්තිකයන්ගේ සහාය ලබාගනිමින් මෙම දත්ත වෙනස් කර ඇති බව සිදුකරන ලද විමර්ශන වලදී තහවුරුවී තිබේ.

ෂෙන්ගොෂෝ නගරය වෙත ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයන් අතරින් 446 දෙනෙක් පැමිණ නගරයට ඇතුළුවීමට උත්සාහ දරා තිබුණේ ය. එහෙත් තවත් 871 දෙනෙකු හට ෂෙන්ගොෂෝ නගරය වෙත ගමන් කිරීම වළකා තිබුණේ ඒ වනවිටත් ඔවුන් තමන්ගේ කේතයන් ස්කෑන් කර තිබූ හෙයිනි.

පෙරකී මූල්‍ය ආයතන වංචාව හේතුවෙන් දැඩි අසීරුතාවයට පත් බැංකු ගිනුම් හිමියන් යුවාන් මිලියන ගණනක් එකී ප්‍රාදේශීය බැංකු තුළ තැන්පත් කර තිබූ අතර ඔවුන් චෝදනා කරන්නේ තමන්ට අදාළ විරෝධතාව සඳහා නගරයට ඇතුළුවීමට තිබූ අවස්ථාව සෞඛ්‍ය හේතු ඉදිරිපත් කරමින් බලධාරීන් විසින් නවතා දමනු ලැබූ බවය.

රතු කේතය පෙන්වමින් තමන් ඇතුළු විරෝධතාකරුවන් නිවෙස් වෙත හරවා යැවීමට කටයුතු කළ බව බැංකු ගිනුම් හිමියන් චෝදනා කර තිබේ.

චීනය විසින් සෞඛ්‍ය කේත භාවිත කරමින් රට තුළ සංචරණයට අවස්ථාව ලබාදී ඇති අතර කිසිදු පුද්ගලයකුට හෝටලයකට, වෙනත් පොදු ගොඩනැගිල්ලකට හෝ රෝහලකට පවා එම කේතය අර්බුදකාරී වන්නේ නම් ඇතුළු විය නොහැකි ලෙස සකස් කොට ඇත.

පසුගියදා චීනයේ සිදුවූ දැවැන්ත මූල්‍ය ආයෝජන දූෂණයට එරෙහිවීමට සංවිධානය කර තිබූ මහජන විරෝධතාව කඩාකප්පල් කර දැමීමට ක්‍රියාකර තිබුණේ මෙම සෞඛ්‍ය කේත අවභාවිත කිරීමය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...