30 C
Colombo
Saturday, May 4, 2024

හමුදාව ගාල්ලේ නැටූ නාඩගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

- Advertisement -

ගාලු කොටුව මත ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයක නිරත පිරිසකගේ විරෝධතා පුවරු ඉවත් කිරීමට යුද හමුදා නිලධාරීන් ගත් පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා, ගාල්ල අණදෙන නිලධාරීවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් නීතිඥවරුන් දෙදෙනෙකු විසින් අද මෙම පෙත්සම ගොනු කරනු ලැබූවා.

ගාලු කොටුවේ සිට විරෝධතාකරුවන් විසින් අල්ලාගෙන සිටි “Go Home Gota” සහ රජයට එරෙහි සටන් පාඨ ඇතුළත් පුවරු හමුදා නිලධාරීන් විසින් ඊයේ (30) ඉවත් කිරීමට කටයුතු කළා.

කොටු පවුර මත සිට විරෝධතාකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා ගෙන ගිය අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසට මුහුණලා ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, මේ සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වූයේ දැයි ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ද ප්‍රශ්න කර තිබෙනවා.

“බලන්න, මම දන්නවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතා විශාල දෙයක්, නමුත් එය හමුදාව යෙදවිය යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්ද? පෙනෙන විදිහට මෙම සාමකාමී විරෝධතාකරුවන් උල්ලංඝනය කරන්නේ කුමන නීතියද? ”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...