28 C
Colombo
Sunday, May 5, 2024

ජීවන වියදම නිසා විරෝධතාකරුවන් ලිබියා පාර්ලිමේන්තුව ගිනිබත් කරයි

- Advertisement -

නැගෙනහිර ලිබියාවේ ටොබ්‍රක්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් එය ගිනි තබා විනාශ කර තිබෙනවා.

දිනෙන් දින පිරිහෙන ආර්ථියක හේතුවෙන් දැඩි ලෙස ජීවන වියදම ඉහළ යෑම නිසා මෙම විරෝධතා ආරම්භ කෙරුණා.

විරෝධතාකරුවන් පාර්ලිමෙන්තුවට ගල් ගසා එයට දැඩි අලාභ හානි සිදුකිරීමෙන් අනතුරුව එයට ගිනි තබා දැඩි විනාශයක් සිදුකර තිබෙනවා.

අවට මාර්ගවල මෙන්ම පාර්ලිමෙන්තු පරිශ්‍රය තුළද ටයර් පුළුස්සා දමා පවතින ආණ්ඩුවට විරෝධය පලකළ විරෝධතාකරුවන් බුල්ඩෝසර්ද යොදාගනිමින් එහි ප්‍රධාන ගේට්ටුවද කඩා බිද දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලිබියාවේ නගර රැසක විරෝධතා පෙළපාලි පසුගිය දින කිහිපයේම පැවති අතර ට්‍රිපොලි අගනුවරට එක්රැස්වූ දහස් ගණන් ජනතාව සන්නද්ධ මිලිටරි මර්දනයට විරෝධය දැක්වූවා.

විරෝධතාකරුවන් පැවසුවේ අඛණ්ඩ විදුලි සැපයුම ලබාදෙන ලෙසත් පාන් ගෙඩියක මිල අඩුකරන ලෙසත්ය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...