33 C
Colombo
Thursday, May 2, 2024

2020 දී බිලියන 650 ක සල්ලි අච්චු ගහලා ! මේ අවුරුද්දේ දැනටමත් බිලියන 13.2 ක් !!

- Advertisement -

2020 වසරේදී රුපියල් බිලියන 650 ක් පමණ වටිනා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව මහ බැංකුව පවසනවා. එය ඊට පෙර වසර සමග සැසඳීමේදී ඉතා විශාල අගයකි.

2019 වසරේදී මුද්‍රණය කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 04 ක් පමණි.

මහ බැංකුව පවසන්නේ රටේ මුල්‍ය අභියෝග කළමනාකරණය කිරීමේ අරමුණින් මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් අලුතින් මුද්‍රණය කිරීමට සිදු වූ බවයි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම යනු රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම ඉහළ යෑම බැවින් අලුතින් මුදල් මුද්‍රණය කිරීම ගැටලුවක් නොවන බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

2020 වසර ආරම්භයේදී රුපියල් බිලියන 74.7 ක් ලෙස පැවති රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම වසර අවසානය වනවිට ආසන්න වශයෙන් දස ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් බිලියන 725.19 ක් දක්වා එම අගය ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ ගත වූ දින 04 ක කාලය තුළ පමණක් රුපියල් බිලියන 13.2 ක මුදල් මුද්‍රණය කර තිබෙනවා.

කොරෝනා පළමු ව්‍යාප්තිය අවස්ථාවේදී රජයේ ඇතැම් ඇමතිවරුන් යෝජනා කළේ අලුතින් මුදල් අච්චු ගසා හෝ ජනතාවට ජීවත් වීමට ආධාර ලබාදිය යුතු බවයි. කෙසේ නමුත් ජනතාවට ප්‍රමාණවත් පරිදි ආධාර නොලැබුණද බිලියන ගණනින් මුදල් අච්චු ගසා තිබෙනවා.

Lanka news web

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...