29 C
Colombo
Sunday, May 5, 2024

ආණ්ඩුව තෙල් මිල ගැන රටම රවටන්නේ මෙහෙමයි – කීර්ති තෙන්නකෝන්

- Advertisement -

ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත.

මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි.

ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’ (ලීටරයක් ගොඩබාන මිල) යැයි තීරුවක් ඇත. එය, පෙට්‍රල් 92 රු. 363.51 ක් ද, පෙට්‍රල් 95 රු. 367.18 ක් ද, ඔටෝ ඩීසල් රු. 403.65 කි. ලංකාව තෙල් ගන්නේ මේ මිලට නොවන බව ලෝක තෙල් මිල ගැන අවබෝධයක් ඇති සියළු දෙනා දන්නේය. (වගුව බලන්න)

ඇමති කාංචන කියන මේ Landing cost per liter in Rs. සත්‍යයක් නොවේ. එය ශ්‍රී ලංකා රේගුව මගින් තහවුරු කර ගත හැකිය. තෙල් ගෙන්වන්නේ සංස්ථාවයි. මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරය යි. රාජ්‍ය අංශයේ ආයතනයක් නිසා අඩුවෙන් මිලදැක්වීමට (Under Value) අවස්ථාවක් නැත. බදු මිල තීරණය කරන්නේ රේගුවයි.

ඇමතිට අනුව, 92 පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල, රු. 363.50 කි. ඇත්ත මිල රු. 228.26 කි. ඇමතිගේ ගාන රු. 135 ක් වැඩිය.

ඇමතිට අනුව, 95 පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල, රු. 367.18 කි. ඇත්ත මිල රු. 235.23 කි. ඇමතිගේ ගාන රු. 132 ක් වැඩිය.

ඇමතිට අනුව, ඔටෝ ඩීසල් ගොඩබාන මිල රු. 403 කි. ඇත්ත මිල, රු. 255 කි. ඇමතිගේ ගාන රු. 150 ක් වැඩිය.

ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කරන්නට ඛනිජ තෙල් ඇමතිවරයා ඉදිරිපත් කර ඇති බදු පිළිබඳ සංඛ්‍යා ලේඛන ද සත්‍යය මිලට වඩා වැඩි මිලක් දක්වා ඇත.

ආණ්ඩුව පෙට්‍රල් 92 ට රු.59.26 ක් බදුගසන බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 49.12 කි.

පෙට්‍රල් 95 ට රු. 80.54 ක් බදු ගසන බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 49.64 කි.

ඔටෝ ඩීසල් බද්ද, රු. 36 ක් බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 19.19 කි.

මේ ආණ්ඩුව පෙට්‍රල් 92 ලීටරයකින් රු. 161 ක් ද, පෙට්‍රල් 95 ලීටරයකින් රු. 232 ක් ද, ඩීසල් ලීටරයකින් රු. 157 ක් ද ලාබ ලබයි. මෙය බදු ගෙවූ පසුව ලබන ලාභයකි.

කෝප් කමිටුව සහභාගි වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු කිසිවෙකුට මේ කියන සරළ කතාව එක්කෝ තේරුණේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ, මහජන උපයෝගීතා කමිටුවේ සභාපතිවරයා බොරු කියන බව පෙන්වීම ය.

ඇමති කාංචන විජේසේකර කියන ගානට තෙල් තියෙන්නේ සිංගප්පුරු මිල දර්ශකයේ ය. ලංකාව තෙල් මිලදී ගෙන ඇත්තේ ඒ මුදලට නොව, එයට වඩා අඩු මුදලකටය. මේ සරළ කතාව කෝප් කමිටුවට පමණක් නොව තමන් මේ ගැන දන්නේ නැතැයි කියන ‘මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින්ට‘ පවා තේරී නැත. නැතිනම්, මේ කතාව හොඳින්ම දැන, මෙරට පාරිභෝගිකයා දැවැන්තම පික්පොකට් ගැසීමට ලක් කරන්නේය.

වැදගත්මක කරන නම්, දැන් සංස්ථා තෙල් මිලත්, ඉන්දියන් තෙල් මිලත් එක හා සමානය. ලංකාවේ ජනතාව රවටන්න හදන සුත්‍රය අනුව, ඉන්දියන් සමාගම ලාබ ලබයි.

සංස්ථාවට ඩොලර් තබා රුපියල්වත් නැති නිසා ආණ්ඩුව සල්ලි අච්චු ගසන බව මහ බැංකු අධිපති කියයි. එහි ප්‍රතිඑලය සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමය. ඛනිජ තෙල් මාෆියාව විසින් මේ රටේ පාරිභෝගිකයා හූරා කමින් තම මඩිය තර කර ගැනීම වැලැක්වීමට රටම එක් විය යුතුව ඇත.

– රජිත් කීර්ති තෙන්නකෝන් –

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...