28 C
Colombo
Friday, May 3, 2024

රාජපක්ෂවරුන්ට රටවිරුවන් වසංගතයක් වෙලා

- Advertisement -

රාජපක්ෂ ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ රටවිරුවන්ට අද රාජපක්ෂවරුන් සලකන්නේ වසංගතයක් සේ සලකා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කළේය.
මහින්දානන්ද අඵත්ගමගේ ඇමැතිවරයා රටවිරුවන් මිනිස් බෝම්බවලට සමාන කිරීම කනගාටුවට කරුණක් යැයි ද ආණ්ඩුව කළේ තනිකරම ඔවුන්ගේ ඡන්ද කොල්ලකෑම පමණකැයි ද හඳුන්නෙත්ති මහතා චෝදනා කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
අද ආණ්ඩුවට වැදගත රතු වරෙන්තු පිට සිටින ජාවාරම්කාර උදයංග වීරතුංග වැනි අය පමණක් යැයි කී හෙතෙම ශ්‍රී ලාංකිකයින්ට වඩා යුක්‍රේන ජාතිකයින් ගෝඨාභය රාජපක්‍ෂට වැදගත් වෙන්නේ ඇයිදැයි ශ්‍රී ලාංකිකයින් තේරුම් ගත යුතුව ඇතැයි ද කීය.
කුවේට් වන්දි අරමුදලේ රුපියල් බිලියන තුනක මුදල් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොයෙදවද්දී ලංකාවට පැමිණීමට මුදල් උපයාගැනීම සඳහා ඇතැම් කාන්තාවන්ට ගණිකා සේවයේ නිරතවීමට පවා සිදුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රක්ෂණ මුදල්වලට කුමක්වීදැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් විමසන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...