26 C
Colombo
Saturday, May 18, 2024

ඉදිරි කාලය හොඳ වෙන්නත් පුළුවන් – මහබැංකු අධිපති

- Advertisement -

කෙටි කාලීනව ඉන්දියාවෙන් හෝ උදව් ලදහොත් පවතින තත්වයට වඩා හොඳ තත්ත්වයකට රට ගෙනඒමට හැකි බව මහබැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

ප්‍රශ්නය –

“අගමැතිවරයා කිව්වා අමාරු කාලය තවම ඇවිල්ලා නෑ කියලා. ඔබතුමාගේ තක්සේරුව කුමක් ද?”

මහබැංකු අධිපති –

“ඒක රඳා පවතින්නේ කරුණු කිහිපයක් මත. ඇත්ත වශයෙන්ම දැනට තියෙන ප්‍රධාන දේ තමා අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා අවශ්‍ය ප්‍රමාණයට තෙල්, බෙහෙත් රටට ගේන ඒක අමාරු වීම. එතකොට ඉදිරි කාලය තුළ අපිට තියෙන විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කරගෙන ගියොත් යම් ආකාරයකට මේ මට්ටමින් කරගෙන යන්න පුළුවන්. නමුත් දිගටම මේ වගේ ආනයනය කරන්න ගියොත් අපිට තෙල්වලට තියෙන මුදල් ටික නැතිවෙලා මීටත් වඩා හිඟ තත්ත්වයකට එන්න පුළුවන්. අනෙක් අතට කෙටි කාලීනව ඉන්දියාවෙන් හෝ උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයක විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබුණොත් මීට වඩා හොඳ තත්ත්වයකට ගේන්න පුළුවන්.”

ප්‍රශ්නය –

දේශපාලන අස්ථාවරත්වය පැවතීම අර්බුදය තවදුරටත් දීර්ඝ වීමට හේතු සාධක වන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

මහබැංකු අධිපති –

“ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. එකක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා සර්ව ආර්ථික ස්ථායිකරණය පිළිබඳ වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් අවශ්‍යයි දැන්. ඒක තමා තියෙන එකම මාර්ගය. අපේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගෙන යනවා. එතෙකොට මේ ක්‍රියාමාර්ග කරගෙන යනකොට ඒ සම්බන්ධයෙන් වැදගත් ආර්ථික තීරණ ප්‍රතිපත්ති තීරණ ගැනීමට මුදල් ඇමතිවරයෙක් ඉන්නවා නම් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවක් තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දි තමා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යනකොට ටික කාලයකින් එක සැරේටම රජය වෙනස් වුණා. දැන් ආයම වෙනස් වුණා. මේක ප්‍රමාද වෙන්න, ප්‍රමාද වෙන්න අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කරන්න තියෙන කාලය තව දික්වෙනවා. ඒ තුළින් ජනතාවට දැනට ආර්ථික අර්බුදයෙන් විඳීමට සිදුවන දුක්ගැහැට විඳීමට යන කාලයත් තවදුරටත් දික්වෙනවා.”


RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...