28 C
Colombo
Thursday, May 2, 2024

කැබිනට් මණ්ඩලය ආරක්ෂක අංශ වෙත බලය පවරයි..!

- Advertisement -

විරෝධතාකරුවන් අතට ගිනිඅවි පත්වීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනිඅවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වුණ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් රැස්කළ මුල්ම කැබිනට් රැස්වීම එයයි.

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගැනීමටත්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට අවශ්‍ය බලතල ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට තිබෙන අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...