27 C
Colombo
Thursday, May 2, 2024

ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ සර්ව පාක්ෂික සාකච්ඡාවක්

- Advertisement -

අද (19) පස්වරුවේ පැවැත්වෙන රැස්වීමේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් හා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙරට අර්බුදය පිළිබඳව කරුණු දැක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තමිල්නාඩු දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව විසින් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉන්දීය රජය මෙම රැස්වීම කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

අසල්වැසි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දීය රජයේ මැදිහත්වීමක් සිදුවිය යුතු බවට පසුගියදා පැවති සර්ව පක්ෂික හමුවේ දී තමිල්නාඩු ඩීඑම්කේ සහ ඒ.අයි.ඒ.ඩි.එම්.කේ පක්ෂ නියෝජිතයින් සඳහන් කර තිබුණි.

අද පැවැත්වෙන මෙම සර්ව පාක්ෂික හමුවේ දී පසුගිය මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා විසින් රටේ තත්ත්වය මෙන්ම ඉන්දීය රජය විසින් මේ දක්වා සිදුකර ඇති මැදිහත්වීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

වස දීලා මාව මරන්න හැදුවා- රොෂාන් රණසිංහ

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති...

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...