25 C
Colombo
Thursday, May 9, 2024

ජනපති සටන අතරතුර කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්..!

- Advertisement -

දේශපාලන පෙරළි මැද තීරණාත්මක දිශානතියකට ශ්‍රී ලංකාව යොමුව ඇති පසුබිමක කොළඹ කොටස් වෙළෙඳපොළෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ (19) දිනයේ දී වාර්තා විය.

පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම සටනින් අඩියක් පසුපසට ගොස් තමා සහ තම පිලේ සහාය පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබා දෙන බවට නිවේදනය කෙරුණි.

මේ අනුව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ හා ඩලස් අලහප්පෙරුම අතර ද්වන්ධ සටහනකට සීමා නොවූ මෙම තීරණාත්මක ඡන්ද විමසීම තුන්කොන් සටනක් දක්වා මේ වන විට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් ඇති ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානයක ද පොර පිටියට අවතීර්ණ වීම හෙතුවෙනි.

මෙහි අවසාන ප්‍රතිඵලය අද දිනයේ දී දැකගත හැකිවනු ඇත.

කෙසේවෙතත් මෙම පසුබිම තුළ ඊයේ දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ‌සියලු කොටස් මිල දර්ශකය ඒකක 107.51 ක වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 7,644.12 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.43% ක වර්ධනයක් වේ.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 36.38 කින් හෙවත් 1.50% කින් ඉහළ‌ෙ ගොස් ඒකක 2,459.45 ක් ලෙසින් සටහන්ව තිබේ.

රු. බිලියන 1.11 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ප්‍රමාණයක් ඊයේ දිනයේ දී ගනුදෙනු වී තිබුණි.

කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස්, සම්පත් බැංකුව, ලංකා දුම්කොළ සමාගම සහ ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් යන සමාගම් කොටස්වල මිල ඉහළ යාම් දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...