28 C
Colombo
Monday, May 6, 2024

මම රාජපක්ෂ මිතුරෙක් නොවේ..! – රනිල්

- Advertisement -

තමන් රාජපක්ෂ මිතුරෙකු නොවන බව තේරී පත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (20) පස්වරුවේ පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය sky news මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මෙරට ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බවත් පැරැණි රාජපක්ෂ හිතවාදියකු වන ඔබ එම වෙනස සිදු කරන්නේ කෙසේද යන්නත් එම මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටි‍යා.

රනිල් –

“මම කොහොමද රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් වෙන්නේ. මම දන්න දා ඉදලා ඉඳලා ඔවුන්ට එරෙහි ව සිටි පුද්ගලයෙක්. ඔබ දැන් අද පිටරට ඉඳලා ඇවිල්ලා මගෙන් අහනවා ඔබ රාජපක්ෂ හිතවාදියෙක් නේද කියලා. ඔබ මෙතන ඉන්න ඕන කෙනෙක් ගෙන් අහන්න අර ඉන්නේ රාජපක්ෂගේ මිතුරන්.”

Sky news මාධ්‍යවේදියා

“ඔබ කොහොමද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන වෙනස සිදු කරන්නේ?”

රනිල් –

“මම ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ කරන්න සූදානම්. මම ඔබට එක දෙයක් කියන්නට කැමතියි. ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔබ ගැඹුරු විමර්ශනවලවල නිරත විය යුතුයි මේ වගේ ප්‍රශ්න අහන්න එපා.”

Sky news මාධ්‍යවේදියා

“ඔබ එතකොට රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නොවේද?”

රනිල් –

මම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි මම ජනතාවගේ මිතුරෙක්. ඔබට තව දෙයක් කියන්නම් මම මීට පෙර ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග කටයුතු කර තිබෙනවා. මම කිසිම අවස්ථාවක ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර නැහැ. ඇය එක් පක්ෂයකට අයිති‍යි මා තවත් පක්ෂයකට අයිතියි. මා රාජපක්ෂවරුන් සමග එක්ව කටයුතු කරනවා කරනවා කියන එකෙන් මා ඔහුගේ මිතුරෙක් යැයි හැඟෙන්නේ නැහැ. මා එතුලින් බලන්නේ මට තිබෙන අවස්ථාවන් සහ මගේ පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ සොයා බලන්නට පමණයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...