25.6 C
Colombo
Saturday, July 19, 2025

රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ

- Advertisement -

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිත වනවා.

මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 134ක් ලැබුණු අතර, ඒ සඳහා තරඟ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලැබුණේ ඡන්ද 82ක් පමණයි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ඡන්ද 3ක් ලැබී තිබුණා.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත්වීමත් සමඟ පුරප්පාඩු වන වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අදාළ පුරප්පාඩුව නිල වශයෙන් දැනුම් දුන් පසු සිදුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය අනුව එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර, ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නම් කෙරුණේද පාර්ලිමේන්තුව රැස්වී මාස ගණනාවක් ගතවීමෙන් පසුවයි.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES