33 C
Colombo
Monday, April 29, 2024

චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ආර්ථිකයට අඛණ්ඩව අහිතකර බලපෑම්

- Advertisement -

චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ආරම්භ කළේ පුළුල් ලෙස අගුලු දැමීම් සහ නිරෝධායන සමඟ කොවිඩ් පැතිරීම මැඩපැවැත්වීමේ අරමුණින් වුවද, එය රටේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමට හේතු වී ඇති බව එරට වාර්තා පවසයි.

2020 වර්ෂයේ කොවිඩ් වසංගතයේ මුල් අවධියට එරෙහිව සටන් කිරීම සඳහා චීනය සැළකිය යුතු ලෙස වෙළඳපොළ වසා දැමූ අතර ඒ හේතුවෙන් වසර 28 කට පසු එහි ආර්ථිකය පළමු වරට හැකිලුණු බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ හේතුවෙන් විරැකියාව ඉහළ ගොස්, වෙළෙඳපොළ සහ කුඩා ව්‍යාපාර තවමත් අඩපණව ඇති බව ද පැවසේ.

හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු වන කෙනත් රොගොෆ් පැවසුවේ චීනය යනු ගෝලීය ආර්ථිකය තුළ කිසිදා නොවැටුණු රාජ්‍යක් බවයි.

චීනයේ මන්දගාමී වර්ධනය දැනටමත් බිඳ වැටෙමින් පවතින ගෝලීය ආර්ථිකය සංකීර්ණ කර ඇති බව ද ඔහු පවසා තිබේ.

උද්ධමනය වැඩිවීම එක්සත් ජනපදයේ අවපාතයේ අවදානම ඉහළ නංවා ඇති අතර, යුක්රේනයේ රුසියානු යුධ මෙහෙයුම බලශක්ති මිල ඉහල දමා යුරෝපය පුරා සැපයුම් දාම කඩාකප්පල් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...