27 C
Colombo
Friday, May 3, 2024

No-Deal ගම ඉවත් කරයි

- Advertisement -

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර තිබූ නෝඩීල් ගම එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට එහි සිටි අරගලකරුවන් තීරණය කර තිබෙනවා.

මේ අතර, නෝ ඩීල් ගම නිර්පාක්ෂික අරගලකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාරදී තිබෙනවා.

තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳ මැදිහත් වන ලෙසට දන්වමින් මෙම ලිපිය භාරදුන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. පසුගිය දිනවල අරලියගහ මැදුර ඉදිරිපිට දින 6ක් තම විරෝධතාකරුවන් මාරාන්තික උපවාසයක නිරත වුව ද කිසිදු දේශපාලනඥයෙකු ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවූ බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනතාවගේ වේදනාව සම්බන්ධයෙන් වත්මන් පාලකයන්ට දැනුමක් නොමැති බවටයි විරෝධතාකරුවන් චෝදනා කර සිටින්නේ.

දින 100 කට අධික කාලයක් අරගලයේ යෙදුනු අරගලකරුවන්ගේ ජීවිතවලට අනාගතයේදි හානි විය හැකි බැවින් ඒ පිළිබද මැදහත්වන ලෙස මෙම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා. මෙම ලිපිය භාර දීමේ අවස්ථාවට භික්ෂුන් වහන්සේලා කිහිප නමක් හා නෝ ඩීල්ගම අරගලකරුවන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් එක්ව සිටියා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...