29 C
Colombo
Saturday, May 4, 2024

සර්ව පාක්ෂික ආණ්ඩුවට මුක්කු ගහන්නෙ නෑ..! – සජිත්

- Advertisement -

ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම පුවත්වල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව එවැනි බොරුවකට කිසිසේත්ම එකතු නොවන බව පැවසූ සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බවත් සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...