27 C
Colombo
Monday, May 6, 2024

පහරදුන්නේ හමුදා ඇඳුම් ඇඳගත් බාහිර පිරිසක් ද ? – තිස්ස අත්තනායක

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබියදි ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවනට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ආරක්ෂක හමුදාවල නිල ඇඳුම් ඇඳගෙන වෙනත් බාහිර කණ්ඩායමක් විසින් එම පහර දීම සිදුකර තිබෙන බවට ජනතාව අතර සැකයක් මතුව තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙවැනි මැර ප්‍රහාර ඔස්සේ ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉහළට ඔසවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත්කිරීමට බවත් හෙතෙම සඳහන් කරනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් සමඟි ජන බලවේගය විසින් ඉල්ලා ඇති බවද අත්තනායක පවසනවා.

මේ අතර මෙම ප්‍රහාරය ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත පැමිණිලි කිරිමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පත් වී පැය 24ක් යාමට පෙර අපකීර්තිමත් පැල්ලමක් ලොවට මුදාහැරීමට කටයුතු කල බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...