29 C
Colombo
Sunday, May 5, 2024

චීන වැසියන් රට හැර යාම වැඩි වෙයි

- Advertisement -

කොමියුනිස්ට් පක්ෂයේ දශක හතක පාලන කාලය තුළ ප්‍රභූ චීන ජනතාව දේශපාලන රැකවරණ පැතීම අසාමාන්‍ය දෙයක් නොවූ නමුත් ජනාධිපති ෂී ජින්පින්ග්ගේ පාලන තන්ත්‍රයේ එය දැන් සමූහ ලෙස නික්මයාමක් බවට පත්ව ඇති බව වාර්ත වේ.

සුළුතර ප්‍රජාවන්ට, නිදහසේ කතා කරන්නන්ට, ක්‍රියාකාරීන්ට, සහ ව්‍යාපාරික ධනවතුන්ට සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා එල්ල කරන ලද දරුණු මර්දනයන් විශාල වශයෙන් මෙම නික්මයාමකට තුඩු දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොවිඩ් -19 වසංගතය තුළ දැඩි අගුලු දැමීම් සහ රජයේ ඉහළ පෙළඹවීම් නිසා මිනිසුන්ගේ ජීවනෝපායට ද බලපෑම් කර ඇති අතර මධ්‍යම පාන්තික ජනතාවට ජීවත් වීමට වෙනත් රටක් සෙවීමට සිදු වී ඇති බව අදාළ වාර්තාවල දැක්වේ.

දැඩි අගුලු දැමීම් හේතුවෙන් සරණාගතභාවය ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ජනතාව දැනුවත්ව සිටියද, පසුගිය වසර තුන තුළ සරණාගතභාවය වෙනුවෙන් ඉදිරිපත් කල අයදුම්පත් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයාට අනුව, 2012 වසරේ දී චීනයෙන් සරණාගතභාවය පතා පැමිණෙන වාර්ෂික සංඛ්‍යාව 15,362 ක් විය.

කෙසේ වෙතත්, එය අඛණ්ඩව ඉහළ වේගයකින් වර්ධනය වූ අතර 2020 දී 1,08,071 දක්වා වැඩි වූ අතර මේ වසරේ එය දැනටමත් 1,20,000 සීමාව ඉක්මවා ඇති බව පැවසේ.

චීන ජනාධිපති ජින්පින්ගේ පාලන සමයේදී සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ මුළු සංඛ්‍යාව 6,13,000 ඉක්මවා තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...