27 C
Colombo
Thursday, May 2, 2024

LGBTQ ප්‍රජාව කොන් කරන නීති ඉවත් කරන්න..! – මහේල

- Advertisement -

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙත වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම පුද්ගලයින්ට සමාජය තුළ සිදුකරන වෙනස්කම් කිරීම් ප්‍රමාණය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි මාධ්‍යවේදීන් අමතමින්, ක්‍රිකට් ලෝකයේ විශිෂටයෙක් වන මහෙල ජයවර්ධ ප්‍රකාශ කරන්නේ.

මෙම ප්‍රජාව සම්බන්ධ නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වනවා සේම ඔවුන් සම්බන්ධව සමාජ මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මෙම සමාජ කණ්ඩායම් සම්බන්ධව නිසි දැනුම්වත්වීම් සහිත අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ඔහුගේම අතීත නොදැනුවත්කම ගැන පවසමින් මහේල ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාව වැනි කිසිදු ආකාරයක විස්තීර්ණ ලිංගික අධ්‍යාපනයක් නොමැති රටක් තුළ වාර්තා වන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් ඉහළ අගයක් ගන්නා බවත් ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවත් ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කරනවා.

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩාවේ නියැලෙන්නේ නම් තමා කැමති බවත්, යමෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය එම පුද්ගලයාගේ ක්‍රීඩා කෞෂල්‍යයට බලපෑමක් සිදුනොකළ යුතු බවත් ඔහු පවසනවා.

මහෙල ජයවර්ධන මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණේ සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කම් ඉස්මතු කිරීමට සහ ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම පවත්වා ගෙන යන නීතිවල වෙනස්කම් ඉල්ලා සිටීමට සඳහා ක්‍රීඩා, ව්‍යාපාර, දේශපාලන සහ සංස්කෘතියේ නායකයින් එක් කරන Better Together වැඩසටහන සඳහායි.

RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...