29 C
Colombo
Thursday, May 2, 2024

බ්‍රිතාන්‍ය අගමැතිකමෙන් සමුගන්නා බොරිස්ට යුක්‍රේනයේ අගමැති ධුරය ?

- Advertisement -

බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන් හට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් එම පෙත්සම ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයක් වන බවත් යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමටත්, යුක්රේන හමුදාවට අවි ආයුධ සහ පුහුණුව ලබා දීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජොන්සන් වන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බලා ඇති අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බොරිස් ජොන්සන් අතරේ පවතින්නේ ද සමීප මිත්‍රත්වයක්.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහු පක්ෂ නියෝජිතයන්ගේ සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් අප්‍රසාදයට පත් වුණු බැවිනි.

(රොයිටර්)

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...