28 C
Colombo
Sunday, May 5, 2024

හදිසි නීතිය නිසා රට තවත් අමාරුවේ වැටෙනවා..! – මහාචාර්ය ජී.එල් පීරීස්

- Advertisement -

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බවත් මෙම අවස්ථාවේදී රට ජාත්‍යන්තරය ඉදිරියේ අසරන කිරීමට එය හේතු විය හැකි බවත් එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා.

ඒ, අද (28) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

හදිසි නීතිය කිසිසේත් සාධාරණීකරණය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල් පීරීස්,

“මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ආරම්භක සභාපති. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහමුලින්ම හාත්පසින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට පටහැනියි. මානව හිමිකම් සාක්ෂාත් කරන්න අපට සපයාදෙන සියලුම නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට, බිංදුවට පත්කිරීමට නීතිමට සක්‍යතාවයක්, බලයක් තියෙනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට හා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකා තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම. ඒ නිසා තමයි මම ඒකට විරුද්ධව ඊයේ පාර්ලිමේන්තුවේ දී මගේ ඡන්දය ප්‍රකාශ කළේ.”

මේ අතර එම අවස්ථාවට සහභාගී වූ ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ, පසුගිය දා අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී තමාට සහාය පළ කළ මන්ත්‍රීවරු හදිසි නීතියට ඡන්දය ප්‍රකාශ නොකිරීමට එකඟතාවයකට පැමිණි බවයි.

“මේ හදිසි නීතිය පිළිබඳ විවාදයේ දී පහුගිය ජනාධිපතිවරණ කටයුත්තේ දී අපේක්ෂකයෙක් ලෙස මට සහයෝගය පළ කරපු මන්ත්‍රීවරු අතරේ, විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු අතරේත් අපි එකඟතාවයන් දෙකක් ගොඩනැඟුවා. එකක් තමා ඉඳුරාම මේ හදිසි නීතියට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට. ඒ වගේම හදිසි නීතිය ඡන්දයෙන් බැහැරවෙලා ගිහින් ආණ්ඩුවට විරෝධය පළ කරන්න. ඒ නිසා අපේ කණ්ඩායම මේ සංසිද්ධීන් දෙක වෙනුවෙන්ම පෙනී සිටිය සහෝදර මන්ත්‍රීවරු ඉන්නවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී 41 දෙනෙක් ඡන්දය භාවිත කරන්න පැමිණියේ නෑ. එහි අති බහුතරය කුමන කණ්ඩායමක් ද කියන එක අපේ මිත්‍රයින්ට සැකයක් නෑ. ඒක ඉතාම විවෘත කාරණයක් නිසා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොජනය කරන මහාචාර්ය ජී.එල් පීරීස් , ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ,ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ,වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ ,ලලිත් එල්ලාවල , කේ. පී. එස්. කුමාරසිරි ,වෛද්‍ය උපුල් ගලප්පත්ති , තිලක් රා‍ජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.


RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...