33 C
Colombo
Thursday, May 2, 2024

න්‍යෂ්ටික අවි තිබුණත් පකිස්තානයේ ආර්ථිකය වැඩකට නැතිවෙන ලකුණු

- Advertisement -

පාකිස්තානය න්‍යෂ්ටික හැකියාවන්ගෙන් ශක්තිමත් වුවත් 2022 ජනවාරියේ සිට මාස 7ක් තුළ එහි රුපියල සියයට 20කට ආසන්න ප්‍රමාණයක් අවප්‍රමාණය වීමත් සමඟ වේගයෙන් අවසන් වන විදේශ මුදල් සංචිත සහ මූල්‍ය හා ජංගම ගිණුම් හිඟය පුළුල් වීම ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

පාකිස්තාන රාජ්‍ය බැංකුවේ සංචිත ඩොලර් බිලියන 9.32 දක්වා පහත වැටී ඇති අතර එය දින 45ක ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් නොවේ.

පාකිස්තානයේ දේශපාලන අස්ථාවරත්වය ප්‍රධාන ණය දෙන්නන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමේ උත්සාහයන් අසාර්ථක වීමේ තර්ජනයට ලක්ව ඇති බව ද පැවසේ.

දශක දෙකකට වැඩි කාලයක් තුළ රටේ මුදල් ඒකකය එහි නරකම ත්ත්වයක් පිළිඹිබු කර ඇති අතර ශ්‍රී ලංකාව මෙන් විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින මීළඟ නැගී එන ආර්ථිකය බවට පාකිස්තානය පත්වීමේ අවදානමක් ඇති බවට ආයෝජකයින් කනස්සල්ල පලකර තිබේ.

මේ අතර ණය පැහැර හැරීම වැළැක්වීම සඳහා වන පියවරක් ලෙස, ෆෙඩරල් කැබිනට් මණ්ඩලය රාජ්‍ය සම්පත් විකිණීමේ ආඥාපනතක් අනුමත කිරීමට ද පියවර ගෙන ඇත.

කෙසේවෙතත්, ජනාධිපති අරිෆ් අල්වි තවමත් මෙම ආඥාපනතට අත්සන් කර නොමැති බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...