33 C
Colombo
Monday, April 29, 2024

නූලෙන් බේරුණු මහා විනාශය: චීන රොකට්ටුවක කොටස් පෘතුවියට කඩා වැටේ..!

- Advertisement -

ලොන්ග්මාච් 5B වර්ගයේ චීන රොකට්ටුවේ කොටස් ඉන්දියානු සහ පැසිෆික් සාගරයට ඉහළින් පෘථිවියට කඩා වැටී ඇති බව එක්සත් ජනපද සහ චීන බලධාරීන් පවසනවා.

චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ රොකට්ටුවේ බොහෝ කොටස් වායුගෝලයේ පිළිස්සී ඇති බවයි.

මෙසේ පාලනයකින් තොරව රොකට්ටු කොටස් නැවත පෘතුවියට පැමිණීම හරහා අභ්‍යවකාශ අපද්‍රව්‍ය පිළිබඳ වගවීමේ වගකීම පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති අතර නැවත පැමිණීමේදී කුඩා කැබලිවලට කැඩී යන පරිදි රොකට්ටු සැලසුම් කරන ලෙස මීට පෙර නාසා ආයතනය විසින් චීන අභ්‍යවකාශ ඒජන්සියෙන් ඉල්ලීම් පවා සිදුකර තිබෙනවා.

ටියැන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් 5B වර්ගයේ රොකට්ටුව පෘථිවියට කඩාවැටීමේ අවදානමක් පවතින බවට පසුගියදා නාසා ආයතනය අනතුරු අඟවා තිබුණා.

පාලනයකින් තොරව කඩා වැටුණු රොකට් කොටස් ජනාකීර්ණ ප්‍රදේශයකට පතිත වීමේ අවධානමක් තිබූ බවත් ඇලුමිනියම් වැනි ලෝහ මගින් රොකට්ටු කොටස් නිර්මාණය කර කුඩා කැබලිවලට කැඩී යන පරිදි රො

කට්ටු සැලසුම් කළ හැකි වුවත් එය මිලෙන් අධික වීම හේතුවෙන් එවැනි පියවරයන් මගහැර රොකට්ටු නිර්මාණය කිරීම හරහා මෙවැනි විපත් සිදුවිය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...