32 C
Colombo
Monday, May 6, 2024

ගෝඨාභය නැවත ගෙන්වා සියලු වරප්‍රසාද දෙන්න..! – කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

- Advertisement -

ඉතිහාසයේ කිසි දා නො වූ විරූ දේශපාලන හා සාමාජික අර්බුද රැසකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් පවසනවා.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අතිමහත් ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ස්වකීය ද්විත්ව පුරවැසිභාවය පවා අහිමි කරගත්තේ, ශ්‍රී ලංකාවට අවංක සේවයක් ඉටු කිරීමේ අරමුණෙන් බවත් වසර 74ක දේශපාලන ඉතිහාසය තුළ සෙසු අය ද සිදු කළ සියලු වැරැදිවල අනිසි විපාක විඳින්නට සිදු වුණේ, වැරැදි නො කළ සාමකාමී ගෝඨාභය රාජපක්ෂට බවත් සාමාන්‍ය පුරවැසියෙකුට තම රට තුළ හිමි විය යුතු ජීවත් වීමේ වරප්‍රසාදය ද එතුමාට අහිමි වී ඇති බවත් කැප්පිටියාගොඩ සිරිවිමල හිමි එම ලිපියේ සඳහන් කරනවා.

එසේ තම රටෙන් පිට වී සිටීමට ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නො වන බවත් ඔහු මෙම රටේ ගෞරවණීය පුරවැසියෙකු මෙන් ම අපට රටක් හිමි කර දුන් ප්‍රබල පුරවැසි උරුමකරුවකු බව ද අමතක නො කළ යුතු බවත් සිරිවිමල හිමි සිහිපත් කරන අතර මවුබිම දෙකඩ කිරීමට දමිළ කොටි ත්‍රස්ථවාදීන් විසින් 30 වසරක් පුරා ගෙන ගිය කුරිරු යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්නේ ද මේ අභීත රණවිරු ගෝඨාභය රාජපක්ෂ බවත් සොංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව අද බියෙන් සැකයකින් තොර ව රට තුළ ජීවත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ නිස බවත් උන් වහන්සේ පවසනවා.

ලක්ෂ 69ක මහජන ජන වරමකින් ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ, බහුතර සිංහල බෞද්ධ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ අපේක්ෂාවෙන් සිටිය ද කොරෝනා වසංගතය ඊට එදිරි වූ බවයි කැප්පිටියාගොඩ සිරිවිමල හිමි අවධාරණය කරන්නේ.


RECENT ARTICLES - SINHALA

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...