27 C
Colombo
Thursday, May 2, 2024

පොල් හොරකමකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

- Advertisement -

කුරුණෑගල – කුඩා ගල්ගමුව ප්‍රදේශයේ නිවාස දෙකකින් පොල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් නිවාස දෙකකින් පොල් ගෙඩි 1070ක් සොරකම් කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 71,000කට අධික බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ විමර්ශනයක දී සොරාගන්නා ලද පොල් තොගයෙන් කොටසක් සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් අතරින් 5 දෙනෙකු අවුරුදු 18, 21 සහ 22 යන වයස්වල පසුවන කුරුණෑගල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනෙක් සැකකරු 13 වියේ පසුවන පාසල් සිසුවෙක්.

RECENT ARTICLES - SINHALA

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

දුම්රිය ධාවනය යළි අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ...

වස දීලා මාව මරන්න හැදුවා- රොෂාන් රණසිංහ

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...