27 C
Colombo
Monday, May 6, 2024

ගෝඨාභය අපිට සාමාන්‍ය සංචාරකයෙක් විතරයි..! – සිංගප්පූරුව කියයි

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් හිමි නොවන බව එරට විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවත් හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බවත් එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රට තුළ හටගත් විරෝධතා හමුවේ 73 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මාලදිවයින වෙත ගමන් කර අනතුරුව සෞදි අරාබියානු ගුවන් යානයකින් සිංගප්පුරුව වෙත පසුගිය ජූලි මස 14 වනදා පැමිණි අතර එහිදී ගෝඨාභය රාජපක්ෂට දින 14ක කාලයක් සංචාරක වීසා හිමි විය. එය පසුගියදා තවත් දින 14ක් සඳහා දීර්ඝ කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන 11 වනදා දක්වා සිංගප්පූරුව තුළ රැඳී සිටීමට අවසර හිමිව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...