29 C
Colombo
Thursday, May 2, 2024

ෆ්ලෝටිං මාකට් එකේ අරගලේ කරන්න..! – රනිල්

- Advertisement -

අරගලකරුවන් සඳහා මැනිං ෆ්ලෝටිං මාකට් පරිශ්‍රය ලබාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

එම අරගල භූමිය ‘රනිල් ගෝ ගම’ ලෙස නම් කළහොත් තමන්ගේ නම කොහේ හෝ පවතිනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

“අරගලකරුවන් කියන්නේ එක කණ්ඩායමක් නෙවේ. කණ්ඩායම් ගණනාවක්. ඒ සියලුදෙනා මට විරුද්ධ නැහැ. අරගලයේ නිරත පිරිසක් අදත් පැමිණ සාකච්ඡා කළා. සාමකාමී අරගලකරුවන් සියලුදෙනා අපිත් සමග සාකච්ඡා කරනවා. විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඒත් සියලුදෙනා අපිට විරුද්ධ නැහැ. මොවුන් ඉතා නිර්මාණශීලි අය බව කිව යුතුයි. මම එය අගය කරනවා. ඒත් ඇතැම් වෙලාවක අරගලය ප්‍රචණ්ඩත්වයට ගියා. අපි ඒක පිළිගන්න ඕන, උදේ මමත් එක්ක සාකච්ඡා කළ අය ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩත්වය නිසා තමන් අරගලයෙන් ඉවත් වු බවයි. සංවිධාන ගණනාවක් එහෙම කියනවා.

ජනාධිපති මන්දිරයට කඩාපැන එහි සිදුකළ කටයුතු මම කිසිවිටෙක අනුමත කරන්නේ නැහැ. ඒක ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික එකක් නෙවේ. එය අපිට තිබෙන පොදු දේපළක්. එහි නැතිවෙලා තිබෙන සමහර දේවල් නැවත හොයා ගන්න බැරිවෙනවා. ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් අතේ, අරලියග මන්දිරයත් ඒගෝල්ලෝ අතේ, අන්තිමට අගමැති කාර්යාලයට ගියා. කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ. එය අවසන් වුණේ මගේ නිවස ගිනි තියලා. ඒවත් අපි හෙළා දකින්න ඕන. අරගලකරුවන් කවුරුත් ඒවා හෙළා දැක්කේ නැහැ.

ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ. ඔවුන්ව අපි අගය කරනවා. දැන් අපි සියලුදෙනා එකතු වෙන්න ඕන.

කොහොමද දැන් නීතිය කඩපු අයවයි, අනිත් අයවයි තෝරා බේරා ගන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ජෝසප් ස්ටාලින් පිළිබද තිබෙන්නේ නීතිමය කටයුත්තක්. මම එතුමා සමග කතා කළා. අරගලය නිසා හොද දේත් සිදු වුණා. නරකත් සිදු වුණා. හොද විතරක් තියාගෙන අපි නරක පැත්තකට දාමු. නිතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩු පාඩු සිදුවුණා නම් අපි සාකච්ඡා කරලා ඒවා විසදා ගනිමු.”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...