28 C
Colombo
Friday, May 3, 2024

චීනය තවත් යුද අභ්‍යසයක් අරඹයි

- Advertisement -

තායිවානයට ආසන්න මුහුදු සීමාවේ තවත් යුද අභයාසයක් සිදු කරන බව චීනය පවසයි.

ඒ අමෙරිකාව ප්‍රමුඛ පාර්ශව රැසක විරෝධය මධ්‍යයේ සිදුකළ මතභේදාත්මක යුද අභයාසයෙන් අනතුරුව වේ.

චීනය මීට පෙර පැවසූ පරිදි අදාල යුධ අභයාසය අද උදෑසන අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එරට හමුදා පවසන්නේ තායිවානයට ආසන්න සාගර කලාපය තුළ තවත් යුද අභයාසයක් ආරම්භ කරන බවයි.

එය ඒකාබද්ධ යුද අභයාසයක් බවත්, ඊට සමගාමීව සබ්මැරීන ප්‍රතිරෝධක මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් චීන හමුදාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යුද අභයාසය සදහා ද චීනය සජීව පතරොම් භාවිත කරනු ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් වෙතත් ජාතයන්තර විචාරකයන් පවසන්නේ චීනය තවත් යුද අභයාසයක් ආරම්භ කරන්නේ අමෙරිකාව කුපිත කිරීමේ අදහසින් විය හැකි බවයි.

චීනයේ මෙම හිතුවක්කාරී ක්‍රියාකලාපය නවතා ඔවුන්ව තායිවාන සමුදා සන්ධියෙන් ඉවත් කිරීමට අමෙරිකාව කුමන හෝ පියවරක් නොගතහොත් කලාපයේ කිසිදු පාර්ශ්වයක් තවදුරටත් අමෙරිකාව පිලිබද විශ්වාසය නොතබනු ඇති බව වියට්නාමයේ කලාපීය යුද විශ්ලේෂකයෙකු පවසා ඇත.

චීනයේ මෙම මතභේදාත්මක යුද අභයාසවලට මූලාරම්භය වූයේ අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...