28 C
Colombo
Sunday, May 5, 2024

චීනය අග්නිදිග ආසියාවේ සහයෝගීතාව සොයයි

- Advertisement -

වේගයෙන් වර්ධනය වන එක්සත් ජනපද-චීන ආතතීන් හමුවේ ඇතිවිය හැකි අවිනිශ්චිතතා නිසා චීනය අග්නිදිග ආසියානු අසල්වැසියන් සමඟ සහයෝගීතාව සහතික කිරීම් හුවමාරු කර ගැනීමට උත්සහ දරමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මේ මස මුලදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගේ අග්නිදිග ආසියාවේ දින 10 ක සංචාරයත්, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ මෑතකාලීන චීන සංචාරයත්, ඒ සම්බන්ධයෙන් කැපී පෙනෙන වර්ධනයන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

තම සංචාරයේදී දෙපාර්ශ්වය අතර තිරසාර සහ සාමකාමී සබඳතාවල වැදගත්කම වැන්ග් යී අවධාරණය කර තිබේ.

ඔහු චීනය කලාපයේ රටවල මිතුරෙකු ලෙස හැඳින්වූ අතර දකුණු චීන මුහුද ඇතුළු ආරවුල් විසඳීමට ආසියානු ක්‍රමය සහ ආසියාන් ක්‍රමය යොදා ගත යුතු බව සදහන් කර තිබිණ.

චීනය සහ අග්නිදිග ආසියාව අතර සබඳතා බහුවිධ වන අතර චීනය ආසියාන් රටවල් ද්විපාර්ශ්වික, උප කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටමින් සම්බන්ධ වී කටයුතු කරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...