33 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

- Advertisement -

ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසින් එම ගුවන් යානය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

එම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උපප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන්. ගෝර්මඩේ ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගි විය.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අනෙකුත් ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සමග සහයෝගිතාවයේ ප්‍රතිලාභ මෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඩෝනියර් ගුවන් යානය තිළිණ කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන අතර එය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉවහල් වන පියවරක් බව ය.

එමෙන් ම, මෙය ඉන්දියාවේ ශක්තිය ඉන්දියානු සාගර කලාපය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු මිතුරන් සහ අසල්වැසියන්ගේ ශක්තීන්⁣ට එක් කිරීම සම්බන්ධයෙන් නිදසුනක් බව ද එහි වැඩිදුරට ත් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස...

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...