32 C
Colombo
Monday, April 29, 2024

නියම කතාව ජනාධිපතිතුමනි – දේශබන්දු තෙන්නකෝන්

- Advertisement -

මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩුදී තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාරේදි සිදුකල කතාව පිළිබදව සටහනක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා.
“නියම කතාව ජනපතිතුමනි” යන ශීර්ෂපාඨය යටතේ ඇති එම සටහනෙහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක කොට ගෙන ජනාධිපතිවරයා සිදුකල අම්පාර කතාවෙහි කොටසකි.

සරත් වීරසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කර ඇති ෆේස්බුක් කණ්ඩායමකට (Facebook Group) ඉනෝකා රාජපක්ෂ නැමැති කාන්තාවක් එක් කර ඇති එම සටහන දේශබන්දු තෙන්නකෝන් මහතාද සිය ෆේස්බුක් ගිණුමේ බෙදාගෙන (Share) තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයද නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ සමහර ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා හට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බව සදහන්වී ඇති බැවින් ඒ කරුණ සමාජයෙහි හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබීම ගැන අතිශයින්ම කණගාටුවට පත්වන බවයි.
බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් විසින් කිසි දිනෙක ප්‍රාණඝාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසය බවත් නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචන්ඩත්වයට හා ජීවිත තර්ජන කිසි ලෙසකත් අනුමත නොකරන බවත් නිවේදනය මගින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරනවා.

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...