28 C
Colombo
Sunday, May 5, 2024

මේක කපුටු කුමන්ත්‍රණයක්..! – සජිත්

- Advertisement -

‍රට තුල ක්‍රියාත්මක වන්නේ අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, ඊයේ (21) පැවති ජනහමුවක් අමතමින්.

ඇමති වරුන් පත් කර ගැනීම සඳහා ‘කපුටු පොහොට්ටුව’ විසින් ජනාධිපතිවරයා වෙත නම් ලැයිස්තුවක් යවා ඇති බවත් ඒ රට තවත් බංකොලොත් කිරීමට මිස රට ගොඩ නැගීම සඳහා නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුරවැසියෙකු ලෙස යළි මෙරටට පැමිණීමට අයිතියක් ඇති නමුත් එය හරහා ද පොදුජන පෙරමුණේ යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි ඔහු පවසන්නේ.

“ගෝඨා ගෝ හෝම් කිව්වා. දැන් ඔන්න පටන් අරන් තියෙනවා අලුත් වැඩසටහනක් ගෝඨා කම් හෝම්. ආපහු ගෙදර එන්න කියලා. ආපහු ආවට කමක් නෑ. ඒක ඔහුගේ අයිතියක් මේ රටේ පුරවැසියෙක් හැටියට. නමුත් හොඳට මතක තියාගන්න මේ ක්‍රියාත්මක වෙන්නේ අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක්. කපුටු පොහොට්ටුව නම් ලැයිස්තුවක් ඇරලා ලු ඇමතිවරු පත්කර ගන්න. මොනවාටද, රට ගොඩනගන්න නෙමේ බංකොළොත් වෙච්ච අපේ රටේ බංකොළොත්බව තවත් වැඩි කරන්න.”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...