29 C
Colombo
Friday, May 3, 2024

බේරේ වැවට පොහොට්ටු පාක්ෂිකයන් දැමූ අයත් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඇතුළු පිරිස බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය මේ වනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පසුගිය මැයි 9 වැනිදා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොල්ලුපිටිය ප්‍රදේශයේදී පහරදී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ලකා මන්ත්‍රීවරයාව බේරේ වැවට තල්ලු කර ඇති බවට අදාළ තරුණියට චෝදනා එල්ලව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මත සැකකාරිය ඊයේ (22) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණිමෙන් පසු ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...