33 C
Colombo
Thursday, May 2, 2024

ඉන්දියාවේ බෙදුම්වාදීනුත් ජාතික ධජ ඔසවති

- Advertisement -

ඉන්දීයාවේ 75 වන නිදහස් දිනය යෙදී තිබුනු ඉකුත් 15 වනදා කාශ්මීර නිම්නයේදී කැමරා කාචයට හසුවූ අපූරු සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ බෙදුම්වාදී සටන්කාමීන් ද ඉන්දීයාවේ ත්‍රෛවර්ණ ජාතික ධජය යටතේ පෙළ ගැසී සිටීමයි.

ඉකුත් 15 වනදා කාශ්මීරයේ ලශ්කාර් ඊ ටායිබා සහ හිස්බුල් මුජහිඩීන් නම් ක්‍රියාකාරී ත්‍රස්ත කණ්ඩායම් වල අණදෙන නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙසෙන නිවාස වල ඉන්දීය ජාතික ධජය ඔසවා තැබුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එලෙස ත්‍රස්ත සාමාජිකයින්ගේ නිවෙස්වල ඉන්දීය ධජය ලෙලදෙන අයුරු දැක්වෙන ඡායාරූප ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කාශ්මීර නිම්නයේ ත්‍රස්ත බිය පවතින ප්‍රදේශවල ඉන්දීය කොඩිය එසවීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

එහෙත් කාශ්මීරයේ සිටින සෑම බෙදුම්වාදී සටන්කාමීන්ට අයත් නිවාසවල ඉකුත් 15 වනදා ඉන්දීය ධජය ඔසවා තිබේ.

මෙම සිදුවීමෙහි විශේෂත්වය වන්නේ ඉන්දීය හමුදාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලදී මියගිය බෙදුම්වාදී ත්‍රස්ත නායකයින්ගේ සහ ත්‍රස්ත සාමාජිකයින්ගේ නිවෙස් වල ද ඉන්දියාවේ නිදහස් දිනය දා ජාතික කොඩිය ඔසවා තැබීමයි.

කාශ්මීරයේ ක්‍රියාකාරී බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමක් වන හිස්බුල් මුජහිඩීන් සංවිධානයේ ත්‍රස්ත සාමාජිකයින්ගේ නිවෙස්වල ද ඉන්දීය නිදහස් දිනය දා ත්‍රෛවර්ණ ජාතික ධජය ඔසවා තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...