33 C
Colombo
Sunday, May 5, 2024

අරගලකරුවන් මර්දනය කරන්නේ රනිල්ව අමාරුවෙ දාන්නයි..! – රාජිත

- Advertisement -

මර්දනය දියත් කිරීම රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදය නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ, ජන අරගලයේ සක්‍රීය චරිතයක්ව සිටි, මේ වන විට කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සේනාධි ගුරුගේ බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ නමුත්, රට තුල සිදුවන මර්දනය ක්‍රියාත්මක වන්නේ වික්‍රමසිංහ\ගේ වුවමනාවටද නැතහොත් වික්‍රමසිංහ අමාරුවේ දැමීම සඳහා රජයේ කොටස් විසින් එය සිදුකරන්නේද යන ප්‍රශ්නය පවතින බවයි ඔහු පවසන්නේ.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බවත් රාජිත සේනාරත්න පවසනවා.

හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට දැනුම් දී තිබියදී සේනාධි ගුරුගේව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මෙලෙස අත්අඩංගුවට ගන්නේ කුමන නීතියකට පදනම්වද යන්න ප්‍රශ්න කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...