29 C
Colombo
Sunday, May 5, 2024

ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුම QR ක්‍රමවේදය නෙවෙයි – ඇමති කංචන

- Advertisement -

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, ඊයේ (25) දින රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරිමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවයි.

මහ බැංකුව හරහා ඉන්ධන ලබාගැනීම සදහා වෙන්වන මුදල් ප්‍රමාණය මත ඉන්ධන බෙදාහැරීමේ පරාසය තීරණය වන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා.

“මේක අපේ තියෙන ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයි. ඉන්ධන අර්බුදය ඇතිවෙන්නේ අපේ ආර්ථික අර්බුදයත් එක්ක. එතකොට අපිට මූල්‍ය ශක්තිය තියෙනවා නම් මේක අපිට මෙවැනි මෘදුකාංග ගෙනල්ලා කළමනාකරණයක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මම මාස 4ක පමණ කාලයක් අප්‍රේල් මාසයේ 18 වෙනිදා ඉඳලා මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම ලැබුණට පස්සේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, අපේ ආයතන මේ විවිධ පුද්ගලයින් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච දේ තමයි. ඉදිරි මාස 12 සඳහා අපිට යම් අභියෝගයක් තියෙනවා කියන එක. මූල්‍ය හැකියාව මත තමයි අපිට ඉන්ධන ආනයනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නිර්මාණය කළා මිස මේක සම්පූර්ණ සියයට සීයක් විසඳුමක් හැටියට මම දකින්නේ නෑ.”

“පළවෙනි සතිය වෙනකොට බොහෝ දෙනෙකුට මාස තුනක් වගේ කාලයක් ඉන්ධන ලබාගන්න නොහැකි වෙච්ච බොහෝ පිරිසක් හිටියා. සමහරු අපිට පණිවුඩ එව්වා පළවෙනි සතිය ඇතුළත ඉන්ධන ලබාගෙන ඉවර වෙලා. මාස දෙකකට පස්සේ, මාස තුනකට පස්සේ අපි ඉන්ධන ලබාගත්තේ කියලා. අපිට පේන දේ තමයි මේ සතිපතා යනකොට හැම සතියෙම ඉන්ධන අවශ්‍ය නොවන පිරිසකුත් ඉන්නවා. දෛනිකව අවශ්‍යවන පිරිසක් ඉන්නවා. සතිපතා අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. නමුත් සති 4කට වතාවක් ඉන්ධන අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ක්‍රමවේදය අනුව තමයි මේ ප්‍රමාණය අඩුවෙනවා කියන එක අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවා. මොකද අපිට මහ බැංකුව කියනවා නේ අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දෙසැම්බර් මාසය වෙනකල්. ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි ආනයනය කරන්නේ. අපිට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරලා දෙන එක තමයි QR ක්‍රමවේදයෙන් කරන්නේ.”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...