31 C
Colombo
Saturday, May 4, 2024

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අමුතු වැටුපක්..! – PUCSL සභාපතිගෙන් හෙළිදරව්වක්

- Advertisement -

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට කිසිඳු රටක සිදු නොකරන ආකාරයේ අමුතු ගෙවීමක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ, රූපවාහිනී සංවාදයකට එක්වෙමින්.

ප්‍රශ්නය –

“වැටුප් වලට ලොකු මුදලක් ඇත්තටම විදුලිබල මණ්ඩලයේ යනවාද ?”

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා –

“වැටුප් වලට විතරක් නෙවෙයි. දැන් මේකෙ තියෙනවා – මට මේක ඊයෙ පෙරේදා මේ දැනගන්න ලැබුණෙ, සාමාන්‍යයෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට අර්ථසාධක අරමුදල්. EPF සහ ETF. ඒකනෙ සාමාන්‍ය ක්‍රමය. නමුත් ඔබ දන්නවාද මේකෙ ඉන්න අවුරුදු 20ක් වැඩකරන සියලුම සේවකයින්ට එයාලාගෙ පඩියෙන් තුනෙන් එකක්, එයාලා ජීවත්වෙන තාක් කල් විශ්‍රාම වැටුපක් ගෙවනවා කියලා ? කොයි රටේද EPF සහ ETF ගෙවලා මේ මහජනතාව දෙන සල්ලිවලින් පෙන්ෂන් එක්කුත් ගෙවන්නෙ ? මං හිතන්නෙ මේ මොඩ්ල් එක විශ්ව විද්‍යාලවලත් අධ්‍යනය කරන්න ඕනෙ, මොකද මේක අමුතුම මොඩ්ල් එකක්. මේක ලොකුම ලංකාවෙ තියෙන ආයතනය, මෙහෙම ගියොත් එහෙම මේක කඩාවැටිලා ලංකාවේ විදුලිය පැය 24ම නැතිවෙන තත්වයක් එයි ඉදිරියේදී”

කෙසේවෙතත්, නීත්‍යානුකූල ලෙස නිසි කළමනාකාරීත්වයකින් යුතු විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් පමණක් විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...